රත්නපුර දිස්ත්‍රික්කය යනු මැණික් වලට ප්‍රසිද්ධියක් උසුලන මෙන්ම මැණික් නිසා දැවැන්ත පරිසර හානියක් සිඳුවන දිස්ත්‍රික්කයකි.එසේම මැණික් බහුල ප්‍රදේශවල වැසියන්ද සාක්ෂරතාවයෙන් ඉතා අඩු මට්ටමක සිටී.
එසේම පසුගිය වර්ෂයේ වැඩිම ළමා අපයෝජන සිදු වන දිස්ත්‍රික්කවලින් ලංකාවේ හතරවන ස්ථානය හිමි කර ගැනීමට රත්නපුර දිස්ත්‍රික්කය සමත්ව සිටී.එයින්ම පෙනෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ සිඳුවන බොහෝ කටයුතු නීති විරෝධි සහ දූෂිත කටයුතු බවයි.
මේ ආකාරයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට මෙවන් තත්ත්වයක් උදාවීමට බලපා තිබෙන්නේ පොලිසිය මඟින් ක්‍රියාත්මක කළ යුතු නීතිකෘත්‍යන් නිසි ලෙස ඉටු නොවීමයි.බාල අපචාර හෝ වෙනත් ඕනෑම වරදකට පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් කළ විට එම පැමිණිල්ල නිසියාකාරව විමර්ශනය කිරීමට සහ අවශ්‍ය පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් අපොහොසත්ව සිටී.එයටද ප්‍රධාන හේතුව වන්නේ පොලිස් ස්ථානවල සේවය කරනු ලබන බොහෝ පොලිස් ස්ථානාධිපතිවරුන් දේශපාලන අතකොලු බවට පත්ව තිබීමයි.උදාහරණයක් ලෙස එක්තරා පක්ෂයක යම් කිසි පුද්ගලයෙක් වරදක් කර පොලිසියට ගිය විට ඔහු එම පැමිණිල්ල යෙදුවත්, ඔහු පැමිණිල්ල දැමූ එරෙහි පාර්ශවය යම් කිසි දේශපාලන සම්බන්ධතාවයක් තිබෙන පුද්ගලයෙක් නම්, පැමිණිල්ල චූදිතයා වී චූදිතයා පැමිණිල්ල වන තත්ත්වයක් ලංකාව පුරාම දක්නට ලැබෙන්නා සේම රත්නපුර දිස්ත්‍රික්කයේද එම ක්‍රමය බහුල වශයෙන්ම දක්නට ලැබේ.
එසේම ආණ්ඩු පෙරළීම් සිඳුවන ආකාරයට දේශපාලන හයිය තිබෙන ආකාරයට, ගොවි කම්කරු ජනතාවට පවා යුක්තිය ඉටු වීමට බලපා තිබේ. ඒ ආකාරයට ගොවි කම්කරු ජනතාවටත් යුක්තිය ඉටු වීමට නම් ඔවුන්ට ආණ්ඩු පක්ෂයක් තිබිය යුතුය .ඕනෑම ආණ්ඩු පක්ෂය අදාළ දේශපාලනඥයාගෙන් එක් ඇමතුමක් පොලිසියට ලැබුණොත් පමණක් ඔහුට යුක්තිය ඉටුවන අතර ඔහුගෙන් දුරකථන ඇමතුමක් නොමැති වුවහොත් ඔහුට අයුක්තිය ඉෂ්ඨ වේ.මේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ පවතින තත්ත්වයයි. එසේම තමන්ට හිතවත් අයෙකු පොලිස් ස්තානය තුල සිටීනම් තත්වය තවත් වෙනස් වේ.
එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ පොලිස් ස්ථානවල සේවය කරනු ලබන පොලිස් නිලධාරින් මෙම පොලිස් ස්ථානවලට ආසන්නයෙන්ම පදිංචි කරුවන් ය . ඔවුන් ස්ථාන මාරු කිරීමට ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය ඉඩ ලබා නොදෙන අතර ගුරු වෘත්තීය ඇතුළු සියලු රාජ්‍ය සේවකයන් ද දේශපාලන බඩගෝස්තර වාදීන් වී තම රාජකාරිය හෝ යුතුකම කරනවා වෙනුවට ආත්මාර්ථකාමි පරපුරක් බිහි කරමින් සිටී. (සියලු දෙනාම නොවන බවද කාරුණිකව සලකන්න. නමුත් බහුතරයක් එසේය.)
පාසල්වල විදුහල්පතිවරුන් මෙන්ම බොහෝ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ද බහුතරයක් දේශපාලන ගොට්ටන්ය. එවැනි තත්ත්වයක් තිබෙන රත්නපුර දිස්ත්‍රික්කය මේ වන විට දැවැන්ත ලෙස විනාශ මුඛයට ළගා වෙමින් තිබේ.
ගුරුවරයෙකුගේ සැබෑ වරදකට එරෙහිව පොලිසියට ගියහොත් එම පැමිණිල්ල යෙදූ දරුවාට හෝ දරුවාගේ දෙමාපියන්ට බලපෑම් කිරීමට පවා මෙම දේශපාලන ගැත්තන් කටයුතු කරයි. එමෙන්ම එම දරුවාට හා දෙමාපියන්ට පාසල තුළ දැඩි කෙනෙහිලිකම්වලට ලක්වීමට සිදුව තිබේ. නමුත් ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කල යුතු පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන්, නිලධාරින් සහ සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද තම රාජකාරි නිසි පරිදි ඉටු නොකරන තත්ත්වය තුළ මෙම අසාධාරණ කටයුතු දක්නට තිබේ.
මෙම හේතු නිසා වැසියා තමාට සිඳුවන අසාධාරණකම්වලට යුක්තිය ඉල්ලා පොලිස් ස්ථානයට නොයාම පවා දක්නට තිබෙන අතර ඔවුන් දැඩි මානසික පීඩනයකින් ජීවත් වේ.
පසුගිය කාලවකවානුව තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 22කට එකවර දුරකථන 2ක් විසන්ධි කිරීමට කටයුතු කර තිබේ. ඒ බිල්පත් නොගෙවීම නිසාය. බිල්පත් ගෙවීමට කටයුතු කල යුතුව තිබුණේ රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් වුවත් අදාළ මුදල් ගෙවීමට ඔහු පියවර ගෙන නොතිබුණි. ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වරදින් සියලුම දුරකථන විසන්ධි වීමට ගියේ නම් එවැනි පොලිස් නිලධාරියෙකුගෙන් මහජනතාවට සේවයක් ලැබේද? එවැනි නිලධාරියෙකුට නිල ඇදුමක් ඇන්දවීමෙන් පළක් තිබේද? එය පොලිස් දෙපාර්තමේන්තුවෙන්ම අපට විමසීමට සිදුවේ.
එසේම මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට රාජකාරි පිළිබඳව මනා වැටහීමක් නොමැති වුවත් මැණික් ගැන මනා දැනුමක් තිබෙන බවද සිය පොලිස් පොඩ්ඩන් සහ පොලිස් ලොක්කන් ප්‍රකාශ කරයි.
එසේම මීට ටික කාලයකට පෙර සබරගමුව පළාත භාරව සිටි ඩී.අයි.ජී.රන්මල් කොඩිතුවක්කු කිරිඇල්ල ප්‍රදේශයේ දී නීතිඥවරයෙකුගේ පුත්‍රයෙක් සමඟ යම් ගැටුමක් ඇති කරගෙන තිබුණි. එම පුවත ලංකාවේ ප්‍රධාන පුවත හා සමාජ මාධ්‍යයේ ප්‍රමුඛ පුවත බවට පත්ව තිබුණි.නමුත් පසුකාලයේදී අනාවරණය වූයේ ඩී.අයි.ජී රන්මල් කොඩිතුවක්කු ප්‍රදේශයේ තිබෙන නීති විරෝධී පතල් එමෙන්ම ගංගා වනසමින් සිදු කරන සියලු නීති විරෝධී පතල් කැනීම් ඔහුගේ කණ්ඩායම දමා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු නීත්‍යානුකූලව කළ යුතු දේවල් සිඳු කළ බවයි .එම සිඳු කිරීම හේතුවෙන් මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් සහ දේශපාලන අධිකාරින් කිහිප දෙනෙකුද එක්ව කිරිඇල්ලේදී සිදුවූ මෙම ක්‍රියාවලිය සැලසුම් සහගතව සිඳු කරන ලද්දක් බවයි.
එසේම ලොරි රථයක සිටි පුද්ගලයෙකු තම ජංගම දුරකථනයෙන් එම සිදුවීම පටිගත කිරීමට සලස්වා තිබූ අතර අනෙක් පුද්ගලයා නීතිඥවරයෙකුගේ පුතෙකි .ඔවුන් මෙය ඉතාම සැලසුම් සහගතව සිඳු කර එම විඩියෝව සමාජ මාධ්‍ය තුළට මුදා හැර තිබුණි.
එසේම සොයා බැලීමේදී වාර්තා වූයේ එම ලොරි රථවල හිමිකරුවන්ද ප්‍රදේශයේ විවිධ අපචාර සඳහා මෙම රථ වාහන යොදාගන්නා කොට්ඨාසයක් බවයි.එම සිද්ධිය සැලසුම් කර තිබෙන මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ රත්නපුර දිස්ත්‍රික් මැණික් ගරන පොලිස් පොඩ්ඩන් සහ මැණික් ව්‍යාපාරිකයන් එම රගපෑම ඉතා විශිෂ්ට ආකාරයෙන් සිඳු කර තිබුණි.
පැය කිහිපයක් යාමටත් මත්තෙන් සබරගමුව පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ට සබරගමුවෙන් කොළඹට ස්ථාන මාරුවක් ලැබුණි.
කෙසේ නමුත් දූෂිත මැණික් ව්‍යාපාරිකයන් , දූෂිත පතල් කම්කරුවන්, දූෂිත පොලිස් නිලධාරින් එක්ව ඔවුන්ට කරදරයක්ව සිටි නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරියා එසේ මාරු කිරීමට කටයුතු කර තිබුණි.
මෙම නීති විරෝධි කටයුතු වලට අවශ්‍ය දායකත්වය ලබාදෙන සහ නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවක් නොමැතිව මැණික් ගැන මනා වැටහීමක් තියෙන ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අයත් නිවසක් රත්නපුර පතුල්පාන ප්‍රදේශයේ ඉදි වී තිබේ. නමුත් එය සුවිසල් මන්දිරයකි.එවැනි සුවිසල් මන්දිරයක් ඉදි වීමට පොලිස් සේවයේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට කිසිසේත්ම හැකියාවක් නැත.කෝටි ගණන් වියදම් කර තමාට ලැබෙන වැටුපෙන් මෙවැනි නිවසක් ඉදිකිරීමට පොලිස් අධිකාරිවරයෙකුට කිසිසේත්ම හැකියාවක් නැත .පොලිස් දෙපාර්තමේන්තුව තුළ පවුල් පසුබිමෙන් ධානපතීන් බවට පත්ව සිටින පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු සිටී.නමුත් පොලිස් සේවයට හිගන්නෙකු සේ පැමිණ පොලිස් සේවයේ ඉහළට යන්න යන්න කෝටිපතියන් බවට පත් වන්නේ නම් එසේම රාජය්‍ය සේවකයන්ද ඒ ආකාරයෙන් කෝටිපතියන් බවට පරිවර්තනය වන්නේනම් ඔවුන් මුදල් සෙවූයේ කෙසේද යන්න වෙනම සෙවිය යුතුය.
එසේම මෙම නිවස ඉදිකිරීම සදහා ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරු ගණනාවක් දූෂිත ආකාරයෙන් ලී දඬු ප්‍රවාහනය කර ගැනීමට සහ ඒවා ලබා දීමටද අවශ්‍ය කටයුතු සිඳු කර තිබේ.උදාහරණයක් ලෙස ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් තමන්ට හිතවත් පොලිස් ස්ථානාධිපතිවරයෙක් හරහා හොර ලී දඬු ලබාගත්තේනම් එය ප්‍රවාහනය කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට ප්‍රදේශයේ එම ප්‍රධාන මාර්ගය හා සම්බන්ධ සියලු පොලිස් ස්ථානවලින් අවශ්‍ය ආරක්ෂාව ලැබී තිබේ.
සියල්ලම මෙසේ සිඳුවෙමින් තමනුත් තමන් යටතේ සිටින සේවකයනුත් එක්ව පොලිස් නිලධාරින් නීතියට අනුව සිඳු කරන ක්‍රියාකාරකම් අඩු වෙමින් පවතී. රත්නපුර කොට්ඨාසය තුළ තහනම් මත්ද්‍රව්‍ය දිනෙන් දින වැඩිවෙමින් තිබුණද රත්නපුර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ඒවායෙන් වැඩක් නොවන බව එළිපිටම පෙන්වා දී තිබේ.රාජ්‍ය සේවකයා බරක් වූ රටක මහජනයාට සක්‍රීය සේවයක් ලබා දීමට නොහැකි පොලිස් නිලධාරින් කුමකටද?
එසේම මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දුර්වල පාලනය පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙන බවට වාර්තා වේ .නමුත් කුමන ආකාරයෙන් ලිපි ඉදිරිපත් වුවත් ඔවුන්ට තවදුරටත් ශ්‍රී ලංකා පොලිස් සේවය තුළ රැඳී සිටිමින් මහජනතාවට හෝ ශ්‍රී ලංකාවට ලැබෙන සෙතක් නැත.ඔවුන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ යුතුය.
යහපත් පොලිසියක් යහපත් රාජ්‍ය සේවයක් ගොඩනැගීම තුළින් යහපත් දේශයක් මෙන්ම යහපත් සිවිල් පුරවැසි සමාජයක් ගොඩනගා ගැනීමට හැකිය .නමුත් මහජනතාවට නිසි මග යෑමට කියා දිය යුතු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රමුඛ රාජ්‍ය සේවය දූෂිත වන විට මහජනතාවට ලැබෙන සෙතක් නොමැත.එයින් රටටද යහපතක් නොලැබේ.එවැනි දූෂිත පරපුරක් දිනෙන් දින නිර්මාණය වෙමින් පවතී. එබැවින් ගැටලු විසඳා යහපත් පොලිස් සේවයක් යහපත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට අවශ්‍ය දර්ශනය මේ මොහොතේ හෝ ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කළ යුතුව තිබේ.















































