අනුරාධපුර සිට මාතලේ දක්වා ධාවනය වන දඹුල්ල ඩිපෝවට අයත් බස් රථයකට එම මාර්ගයේ ගමන් කරමින් තිබූ අනුරාධපුර කැකිරාව පෞද්ගලික බස් රථය පසු කරගෙන යාමට ඉඩ නොදී ඩිෆෙන්ඩර් රථයක් මගින් එම මාර්ගයේ අනාරක්ෂිත ලෙස බාධා කරමින් ධාවනය වූ අතර එහි සිටි පෞද්ගලික බස් රථයේ හිමිකරු සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙසේ අනුරාධපුර සිට මාතලේ දක්වා ධාවනය වන දඹුල්ල ඩිපෝවට අයත් බස් රථයක් වසර 20 ක පමණ කාලයක් තිස්සේ සෑම දිනකම එම මාර්ගයේ රාජ්‍ය සේවකයින් ප්‍රවාහනය සිදු කරන අතර මෙම පෞද්ගලික බස් රථය පසු කර නොයන ලෙසට එම පෞද්ගලික බස් රථයේ හිමිකරු විසින් ලංගම බස් රථයේ රියදුරුට තර්ජනය කර තිබේ. ලංගම රියදුරු එම තර්ජනයට අවනත නොවී ලංගම බස් රථය ධාවන කිරීම හේතුවෙන් පෞද්ගලික බස් රථ හිමිකරු ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ ලංගම බස් රථය ධාවනය වීමට බාධා කර තිබේ. එම අවස්ථාවේදී ලංගම බස් රථ රියදුරු විසින් තිරප්පනය නගරයේ දී පොලිස් ස්ථානයට බස් රථය ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.පසුව ලංගම බස් රථයේ ගමන් ගත් රාජ්‍ය සේවකයින් 40 දෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශ ලබා දී ඇති බව සදහන්.
මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ පොලීස් නිලධාරීන් විසින් ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු සහ බස් රථ රියදුරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව වාර්තා වේ.














































