යාපනය පන්නෙයි මාර්ගය අවහිර වීම හේතුවෙන් නාග පූෂණී අම්මාන් ප්‍රතිමාව ඉවත් කරන ලෙස යාපනය අධිකරණය මඟින් නියෝගයක් නිකුත් කර ඇති අතර මෙම ප්‍රතිමාව සඳහා අයිතිවාසිකම් කීමට කවරෙකු හෝ සිටී නම් අයිතිය තහවුරු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.
එමෙන්ම මෙම ප්‍රතිමාව සඳහා කිසිදු ආයතනයකින් අවසර ලබා ගෙන නොමැති බව සඳහන්.
මෙම ප්‍රතිමාව ඉවත් කිරීම සඳහා අධිකරණයෙන් නියෝගයක් නිකුත් කිරීමත් සමඟම එය ඉවත් කරන තෙක් ඊට ආරක්ෂාව සැපයීමට යාපනය පොලීසිය කටයුතු කළ බව වාර්තා වේ.
කෙසේ නමුත් මෙම නාග පූෂණී අම්මාන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව යාපනයේ පාර්ශව රැසක් විසින් විරෝධතා පල කරන බව සඳහන්.














































