මහජනතාවගෙන් වැටුප් ලබන මහජන සේවකයන් වන ශ්‍රී ලංකා පොලිසියේ කඩුගන්නාව ශාඛාවේ පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට මහජනතාව විසින් ප්‍රහාරයක් එල්ලකොට තිබේ.
පිළිමතලාව ප්‍රදේශයේ හෝටලයක් තුල විශ්‍රාම යන කඩුගන්නාව පොලිසියේ පොලිස් නිලධාරීන් වෙනුවෙන් සාදයක් පවත්වා තිබේ. එම සාදය තිබු හෝටලයේදී පොලිස් නිලධාරීන් හා මහජනතාව අතර වචන හුවමාරුවක් සිඳුව තිබේ. එම ස්ථානයේදී එම බහින් බස් වීම සමතයකට පත්ව තිබුණද මෙම දෙපාර්ශවයම නැවත වරක් පිළිමතලාව නගරයේ පාලම අසලදී ගැටුමක් ඇති කරගෙන තිබේ.
වාර්තාවන ආකාරයට දෙපාර්ශවයම ස්ව කැමැත්තෙන්ම අධිකලෙස මත්පැන් පානය කොට සිටි අවස්ථාවේ මෙම ගැටුම හටගෙන ඇත. මහජනතාව සමඟ හැසිරීමට නොදත් බීමත් පොලිස් නිලධාරීන්ම 119 පොලිස් හදිසි ඇමතුමට දුරකථන ඇමතුමක් ලබා දී තිබේ. පසුව රාජකාරියේ යෙදීසිටි පොලිස් පරීක්ෂකවරයෙක් එම ස්ථානයට පැමිණ තිබෙන අතර ඔහුටද පහර දී ඇත. ඔහුට පහර දී ඇත්තේ මහජනතාවද නැතිනම් පොලිස් නිලධාරීන්ද යන්න නිශ්චිතවම නොදනී. මෙම ගැටුමේදී අධිකලෙස බීමතින් පොලිස් සේවයට නුසුදුසු ආකාරයෙන් ඉතා අශෝභන ලෙස හැසිරුණු පෝලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගෙන සිවිල් වැසියන් 4 කු පමණක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහි දී සිවිල් පුරවැසියන් සමඟ හැසිරීමට නොදත් පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට ලක්වන ආකාරයෙන් හැසිරුණු පොලිස් නිලධාරීන් හතර දෙනා හා රාජකාරිය සඳහා එම ස්ථානයට පැමිණි පොලිස් පරීක්ෂකවරයා රෝහල් ගතවී තිබේ. කෙසේ වෙතත් මේ වනවිට ඔහුන් සියලු දෙනා රෝහලෙන් පිටව ගොස් ඇති බව පැවසේ.
විය යුත්තේ සිවිල් පුරවැසියන් සමඟම හැසිරීමට නොදත් බීමත් පොලිස් නිලධාරීන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට අවශ්‍ය කටයුතු සිඳුකිරීමයි. නමුත් මේ වනතෙක්ම ඒ ආකාරයෙන් කටයුතු කර නැති වුවත් ඔහුන් හතරදෙනාද අත්අඩංගුවට ගතයුතුව තිබේ.
කෙසේ නමුත් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තාවේ.














































