ඛනිජ තෙල් සැපයුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පෙන්වා දෙන්නේ දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් තුළ දී QR ක්‍රමවේදය යටතේත් අක්‍රමිකතා සිදුවන බවයි.
මෙම අක්‍රමිකතා සොයා බලා ඒවා වැළැක්වීමට වහාම කටයුතු කළ යුතු බව ඒ මහතා ප්‍රකාශ කරයි.
ඔහු පෙන්වා දෙන්නේ QR කේතය ස්කෑන් කළ නමුත් ඊට අදාළ වාහන අංකය පරීක්ෂා නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය දා වී ඇති බවයි.
එමෙන්ම ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලින් ලැබුණ තෙල් ප්‍රමාණයෙන් 50% කටත් වඩා අඩු ප්‍රමාණයක් පමණක් QR යටතේ නිකුත් කර ඇති බවට වාර්තා වී ඇති බවත්, ඉතිරි ඉන්ධන සඳහා කුමක් වූයේ ද යන්න ගැටලුවක් බවත් ඛනිජ තෙල් සැපයුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පෙන්වා දී ඇත.
















































