රාහුල් ගාන්ධි විසින් 2019 වර්ෂයේ දී “ සියලු හොරුන්ට මෝදි යන වාසගම පොදු වන්නේ ඇයි “ යන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු වරදකරු කර වසර දෙකක සිර දඬුවමක් නියම කළ පහළ අධිකරණ නියෝගය අත්හිටුවන ලෙස කළ අභියාචනය ඉන්දීය අධිකරණය විසින් ඊයේ (19) දින ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.
උපරිම දඩුවම් අවශ්‍ය නොවන බවත් , නඩු විභාගය සාධාරණ නොවන බවත් රාහුල් ගාන්ධිගේ නීතීඥවරයා විසින් අධිකරණයට දන්වා සිටි බව රාහුල් ගාන්ධිගේ සැසිවාරය හමුවේ අධ්කරණය වෙත ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම රාහුල් ගාන්ධිගේ නීතීඥවරයා ප්‍රකාශ කර ඇත්තේ මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව නොසිතූ ආකාරයේ එකක් වූයේ නඩුකාර උසාවියේ විනිසුරුවරයා විසින් වාර්තාගතව තිබූ සියලු සාක්ෂි ඉදිරිපත් කළ නිසා බවයි.නමුත් එයට විරුද්ධ වෙමින් පැමිණිලිකරු වන පූර්ණේෂ් මෝදි ප්‍රකාශ කර ඇත්තේ රාහුල් ගාන්ධි යළි යළි වැරදි කරන අයෙක් බවත් , ඔහු මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැදීම ප්‍රතික්ෂේප කරන බවත් ය.















































