ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන මූලික කරගනිමින් මෙම වැටලීම් සිදුකරන බව වාර්තා වෙයි.
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමග දුම්රිය මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු තාවකාලිකව නතරවී තිබුණි.
මේ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමට වැඩි වශයෙන් පෙළඹී ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
මේ අතර අගෝස්තු මාසයේ සිට මේ දක්වා වූ කාලසීමාව තුළ මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගීන්ගෙන් දඩ වශයෙන් රුපියල් 225,000 කට ආසන්න මුදලක් අය කරගෙන ඇති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.
එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසුවේ ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගීන් 72 දෙනෙකුගෙන් මෙම දඩ මුදල් අය කරගෙන ඇති බවයි.














































