මාදම්පේ පැරණි නගරයේ කාන්තා පාවහන් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවක තිබී රුපියල් නව ලක්ෂ පනස් හතර දහස් හත්සිය පනහක් වටිනා කාන්තා පාවහන් ජෝඩු 355ක් සොරකම් කළ පුද්ගලයෙකු එම පාවහන් තොගය සමග මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සොරකම සිදු කර ඇත්තේ රාත්‍රී කාලයේ කර්මාන්තශාලාවේ ජනේලයක් කඩා කර්මාන්තශාලාව තුළට ඇතුළු වී බව පොලීසිය සදහන් කරයි.
සොරකම් කළ පාවහන් තොගය මාදම්පේ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂණයකදී සොයා ගෙන ඇත.
මෙම පාවහන් සොරා ගෙන ඇත්තේ පසුව අලෙවි කිරීමේ අරමුණින් බවට පොලීසිය සැක පළ කරයි.
සැකකරු හලාවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන් වේ.














































