මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු මහතා වෙත දුරකථන ඇමතුමකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක් කර තිබෙන බව වාර්තා වේ .
දෙරට අතර පවත්නා සමීප සහ සුහද ද්විපාර්ශ්වික සබඳතා නව ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ තවදුරටත් ශක්තිමත් සහ බහුවිධ හවුල්කාරිත්වයක් බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් තමන් තුළ ඇති කැමැත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය හා ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන යන ක්ෂේත්‍ර ආවරණය කරමින් ආර්ථික සහයෝගිතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම ද එහිදී පෙන්වා දී ඇති අතර මාලදිවයින් නව ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ .














































