ශ්‍රී ලංකාවේ සරණාගතයින් ලෙස වසර ගණනාවක් තිස්සේ ජීවත්වන පවුල් සහ පුද්ගලයින් තම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් කොළඹ රොස්මිඩි පෙදෙසෙහි පිහිටි එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිට අද (23) පෙරවරුවේ සාමකාමී විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ.














































