ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යවශය භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබෙන බවට වාර්තා වේ.
එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මහජනයාට සහනයක් ලබා දීමේ අරමුණින් ගිය සතියේ මිල අඩු කල භාණ්ඩ 12ට අමතරව තවත් භාණ්ඩ 3ක මිල හෙට (07) සිට අඩු වේ.
ඒ අනුව ටින් මාළු(425g) මිල රුපියල් 490ක් වන අතර ,ලොකු ලූණු 1kg මිල රුපියල් 97ක්ද, පාන් පිටි 1kg මිල රුපියල් 225ක්ද වේ.
මීට අමතරව අත්‍යවශය ග්‍රොසරි භාණ්ඩ 500 කට අධික ප්‍රමාණයක් සදහා සුවිශේෂී මිල අඩුකිරීම් සහ වට්ටම් ලබාදීමටද සතොස සූදානම් බවට මහජනතාවට දැනුම් දෙයි.














































