රටේ ආගම්වාදය, ජාතිවාදය වෙන්දේසි කරමින් බලයට පත් වෙන්න පිරිසක් උත්සාහ ගන්න බවත් සාවද්‍ය කරුණු මත සමගි ජන බලවේගයට සහ වත්මන් විපක්ෂ නායකවරයාට අවලාද නගමින් සිටින බවත් අද (22) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමි පැවසිය.
එහිදී අදහස් දැක්වූ පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමි.
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සම්බන්ධයෙන් විශේෂ කතාබහක් මේ දිනවල ඇතිවෙලා ඒ තුළින් දේශපාලන නායකයින්ට මඩ ගැසීමට ඇතැම් අය උත්සාහ කරමින් සිටින බවත් විශේෂයෙන්ම ජෙරම් දේවගැතිවරයා වෙනුවෙන් සහ බුදු දහමට කරපු නිග්‍රහය සම්බන්ධව රටේ පවතින නීතිය මත පරීක්ෂණයක් පවත්වා ඔහුට විරුද්ධව නීති මගින් කටයුතු කළ යුතු බවත් පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමි පැවසීය.
“සජිත් ප්‍රේමදාස මැතිතුමා රටේ ජනාධිපති අපේක්ෂකයා විදිහට මුහුණ දෙන්න තියෙන අසන්නයේ තමයි පාස්කු ප්‍රහාරය සිදු වුණේ. ඒ වෙනකොට රට තුළ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති අපේක්ෂත්වය ලබාගන්න කටයුතු කරන කාලය. ඒ වගේම මතක ඇති එම් සී සී ගිවිසුම ගෙනල්ලා කොළඹ නිදහස් චතුරස්‍රයේ ඒ වෙනුවෙන් ස්වාමීන් වහන්සේ නමක් උපවාසයේ යෙදුණා ඒ භික්ෂූන් වහන්සේ අද කොහෙද ඉන්නේ. එම ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිරූපය විනාශ කරන්න භාවනාව පිළිබඳව රහත් භාවයට පත් වුණා කියපු හාමුදුරුවෝ හිටියා. අද අතුරුලියේ රතන හාමුදුරුවෝ කියනවා මම බලෙන් ඇවිත් එතන වාඩි කෙරෙව්වා කියලා ඒ තුළින් තමයි ජාතිවාදය සහ ආගම්වාදය රට විකුනන් කනවා කියලා මතක් කළේ. එහෙම කරලා ලක්ෂ 69ක් ගත්තා අද මොකක්ද වෙලා තියෙන්නේ බලයට එන්න ක්‍රමවේදයක් නැහැ ගමට යන්න විදිහක් නැහැ පාක්ෂිකයන් හමු වෙන්න විදිහක් නැහැ දැන් ඒ අය බලනවා අපිට තියෙන සුදුසුම සහ පහසුම ක්‍රමය නැවතත් ජාතිය සහ ආගම විකුණන එක ඒ තුළින් මිනිස්සුන්ගේ සංවේදී බව ඇති කරගෙන අපේ රටේ සිංහල බෞද්ධයෝ විශාල පිරිසක් උතුම් ආදරයක් තියෙනවා ජාතියට, ආගමට ඒ ජන ස්පන්දනය හැටියට තෝරගෙන තියෙනවා ඒ අය තේරුම් ගන්නවා මේකට තමයි අපි කතා කළ යුත්තේ කියලා ඒකට අද උත්සාහ කරනවා. එදා රැවටුනාට අද රැවටෙන්නේ නෑ එදා රැවැට්ටුවා ට මේ සැරේ රවට්ටන්න ඉඩ දෙන්නෙත් නෑ කියන පණිවිඩය මේ මොහොතේ දෙනවා.”
වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ වර්තමානයේ මාධ්‍ය තුළින් දැඩි කතාබහට ලක්ව තිබෙන මෙම සිදුවීම තුළින් රටේ මේ වන විට තිබුන ප්‍රශ්ණ යට ගැසීමට උත්සාහ කරන බවයි.














































