ඊයේ (17) යාපනය චුන්නාකම් ප්‍රදේශයේ දී යාපනය හින්දු විද්‍යාලයට වසර ගණනාවක් සේවය කර විශ්‍රාම ගිය 80 හැවිරිදි ගුරුවරයෙකු උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන යාල් රාණි කාර්‍යාල දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ සියදිවි හානි කරගෙන ඇත්තේ ශිව සුබ්‍රමනියම් ෂර්මා නැමැති අයෙකි.
මොහු සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය චුන්නාකම් පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරන බව සඳහන්.














































