ආගමික සංහිදියාවට හානි වන ආකාරයෙන් බුදුදහම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ බව පවසන දේවගැති ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දු ගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(16) නියෝගයක් නිකුත් කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙම විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙසත් , මොහු රටින් පිටවීමට උත්සාහ කරන්නේ නම් ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වහාම දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයාට නියම කළ බව සදහන්.














































