ඉන්දියාවේ මහාරාස්ට්‍ර ප්‍රාන්තයේ ටකරන් මඩුවක් මතට දැවැන්ත කොහොඹ ගසක් කඩා වැටීමෙන් හත්දෙනෙකු මියගොස් පස්දෙනෙකු තුවාල ලබා තිබෙන බවට වාර්තා වේ.
ආගමික උත්සවයක් අතරතුර පැවති වර්ෂාව සහ තද සුළග හේතුවෙන් එයට සහභාගි වූ පිරිස් මෙම ටකරන් මඩුව තුළට රැස් වූ අවස්ථාවේදී මෙම ගස කඩා වැටී තිබේ.
මහාරාස්ට්‍ර නියෝජ්‍ය අමාත්‍ය දේවේන්ද්‍ර පඩ්නාව්ස් ප්‍රකාශ කර තිබෙන්නේ මරණයට පත් වූවන් සදහා වන්දි ලබා දෙන බවයි.














































