පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව විසින් ප්‍රකාශ කොට ඇත්තේ කොටහේන, පරමානන්ද මාවතේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත්ය.
මෙලෙස වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථ කාර්මික ශිල්පියකු බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබූ අය කවුරුන්ද යන වග අනාවරණය කර නොමැති අතර යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව සදහන් වේ.
පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පැවසෙන්නේ.














































