ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති Luis Rubiales සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වේ.
කාන්තා ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයෙන් ස්පාඤ්ඤ කාන්තා කණ්ඩායම ජයගත් අවස්ථාවේ ඉදිරිපෙළ ක්‍රීඩිකා Jenni Hermoso සිප ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පසුබිමක ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර මෙම සිදුවීම ස්පාඤ්ඤයේ මෙන්ම ලොවපුරා ලැව් ගින්නක් සේ පැතිර යන ලදී.
එමෙන්ම ලෝක කුසලාන ජයග්‍රහණයට වඩා එම සිදුවීම පිළිබඳව කතාබහක් ඇතිවිය.
Jenni Hermoso එම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ Luis Rubiales ට එරෙහිව ලිංගික අතවර සහ බලහත්කාරකම් සම්බන්ධයෙන් චෝදනා ඇතුළත් පැමිණිල්ලක් ගොනුකර ඇත.















































