බීමත්ව රිය පදවන රියදුරන් සොයා දිවයින පුරා විශේෂ මෙහෙයුම් සිදු කරන බව පොලිසිය ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ බීමත් රියදුරන් සොයා සිදු කරන පරීක්ෂා කිරීම් සදහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පොලිස් නිලධාරින් මෙන්ම බුද්ධි අංශ නිලධාරින්ද යොදවා ඇති බවයි.














































