රජයේ ගොඩනැගිලිවල සූර්ය පැනල සවිකර විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියට අදාළ තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය 90% පමණ නිමකර ඇති බවට වාර්තා වේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ එම තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලිය අප්‍රේල් 15 වනදා නිම කිරීමට අපේක්ෂා කරන බවය.
මෙම ව්‍යාපෘතිය සදහා ඩොලර් මිලියන 100ක ආධාර මුදලක් ඉන්දියාවෙන් ලැබෙන අතර මෙහි ටෙන්ඩර් ක්‍රියාවලිය සහ ඊට අදාළ මිළදී ගැනීම් කටයුතු ඉන්දිය එක්සිම් බැංකුව මගින් සිදු කිරීමට නියමිතය.














































