ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර උපායමාර්ගික සංවාදයක් අද (18) ලන්ඩන් නුවර විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්‍යාලයේදී පැවැත්වීමට නියමිත අතර මෙම සංවාදය සදහා විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජතාන්ත්‍රික සබදතා ස්ථාපිත කර වසර 75 ක් සැපිරීම නිමිත්තෙන් මෙම සංවාදය පැවැත්වෙන අතර දෙරට අතර විදේශ ලේකම් මට්ටමේ ප්‍රථම උපායමාර්ගික සංවාදය මෙය වන බව ද සදහන්.














































