විදේශ ඇමති අලි සබ්රි මහතා ඊයේ (10) දින ලංකාවේ විදේශ තානාපති වරුන් සමග පැවති සාකච්චාවකදී ඔහුනට පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාව සංචාරය කිරීමට සුදුසු හා ආරක්ෂාකාරී රටක් බවයි.
ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ පෙර තිබු අර්බුදකාරී තත්ත්වය අවසන් වී ඇති බව හා ඒ සදහා ලංකාවට ජාත්‍යන්තරයෙන් ලැබුණු සහයෝගයට ශ්‍රීලංකාව වෙනුවෙන් ස්තුතිය පිරිනමන බවයි.
පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකාව සංචාරයට නුසුදුසු රටක් ලෙස හා අනාරක්ෂිත බව පවසා ඇති නමුත් මේවන විට එම සියලු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් ආර්ථිකය ශක්තිමත් කරගනිමින් සිටින බැවින් රටවල පනවා ඇති තහංචි හා අනතුරු ඇගවීම් ඉවත්කරගැනීමට කටයුතු කරන ලෙස තානාපතිවරුන්ගෙන් ඉල්ලා තිබේ.














































