2022 දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව වයස අවුරුදු පහට අඩු බර දරුවන් අතින් දකුණු ආසියා කලාපයේ වඩාත්ම පීඩාවට පත් රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව ඇති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් යම් යම් කරුණු හේතුවෙන් අඩාල වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බවත් ඔහු සඳහන් කර තිබේ.














































