දෛනිකව බිත්තර මිලියනය බැගින් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවට රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
දැනට ඉන්දියාවෙන් බිත්තර මිලියන 20ක් ආනයනය කර ඇති බවත් ඉන් මිලියන 10ක් වෙළෙදපොලට නිකුත් කර ඇති බවත් එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.
එලෙස ආනයනය කළ බිත්තරයක් රුපියල් 35ක මිලක් යටතේ බේකරි ,බිස්කට් නිෂ්පාදන ,කේටරින් සේවා සහ ආපනශාලාවලට නිකුත් කරන බවද සදහන් කර තිබේ.













































