ලබන (2024) වසර වන විට කිරි පිටි ආනයනය නතර කිරීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමුකර ඇති බව වාර්තා වේ.
මෙරට දැනට නැවුම් කිරි නිෂ්පාදනය කරනු ලබන්නේ සමස්ත අවශ්‍යතාවයෙන් 42%ක් බවට පශු සම්පත් අංශ විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව සදහන්.
රටේ කිරි අවශ්‍යතාවය සපුරාලීමට කිරි පිටි ආනයනය සඳහා සෑම වසරකදීම ඇමරිකානු ඩොලර් මිලියන හයසියයකට වැඩි මුදලක් වැය කරන බව ද කිරි කර්මාන්තය නංවාලීම මගින් රට තුළම රටට අවශ්‍ය කිරි ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව පවතින බව ද කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.
මේ අතර, වෙළෙඳපොළේ වාර්ෂික කිරි ඉල්ලුම සපුරාලීමට කිරි ලීටර් මිලියන හත්සිය පනහක් අවශ්‍ය බවට කෘෂිකර්ම අංශ සඳහන් කර තිබේ.














































