ගම්පොළ ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක සිසුන් 17 දෙනකුගේ කොණ්ඩය කපා වාර විභාගයට පෙනී සිටීමට ඉඩ නොදී පාසලෙන් එළවා දැමීම සම්බන්ධයෙන් ළමා රක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් මෙම සිදුවීමට මුහුණ දී ඇත.
පෙරේදා (22) උදෑසන 8.30ට පමණ වාර විභාගයේ තාක්ෂණික විෂය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පෙර විදුහල්පති සහ උප විදුහල්පති මෙලෙස සිසුන්ගේ හිසකෙස් දිගට වැවී ඇති බව පවසා කෙස් කපා දැමීමට පියවර ගෙන තිබේ. හිසකෙස් කැපීමෙන් අනතුරුව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට ඉඩ නොදී පාසලෙන් පළවා හැර ඇත.
මේ සම්බන්ධයෙන් ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්ගෙන් විමසූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ, ‘‘සිදුවීම සැලවූ වහාම විමර්ශන කමිටුවක් පත් කළා. නිසි පරිදි විමර්ශන සිදුකර අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නවා’’ යනුවෙනි.
(ARUNA.LK)














































