පියාගෙන් සිදුවන කරදර සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ගිය තරුණියක් ගැබ් කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.
සිය මව සමග පොලිසියට පැමිණිල්ලක් දැමීමට ගිය තරුණියගේ ජංගම දුරකථන අංකය ලබා ගත් පොලිස් කොස්තාපල්වරයා ඇයට ඇමතුමක් ලබා දී මුදල් හා පරිගණක ලබා දෙන බව පවසමින් කල්ලඩි ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් අඹුසැමියන් ලෙස හැසිරී ඇති බවට පොලිසිය සදහන් කර තිබේ.
දැනට සති කිහිපයකට පෙර ඇය ගැබ් ගත් බව පොලිස් කොස්තාපල්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු ඇයව මග හැරීමට කටයුතු කර ඇති බව සදහන්.
ඉන්පසු තරුණිය පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනයකින් පසු පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.














































