2023 වර්ෂයේ පළමු මාස හතර කාලය තුළ මෙරට තේ නිෂ්පාදනය 20%කින් පහළ ගොස් ඇති බවත් , ගෙවුණු වසර තුනක අවම අගය ලෙස කිලෝග්‍රෑම් මිලියන 84ක් දක්වා පහත වැටී ඇති බවත් , මෙයට හේතුව රසායනික පොහොර තහනම සහ ආර්ථික අර්බුදය බවත් වාර්තා වේ.
එමෙන්ම මෙම රසායනික පොහොර තහනම නිසා 2021 වර්ෂයේ සහ 2022 වර්ෂයේ තේ නිෂ්පාදනය 16%කින් පහළ වැටී ඇති බව රජයේ දත්ත සඳහන් කර තිබේ.














































