ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සර්වපාක්ෂික සමුළුව ආරම්භ කළ බව වාර්තා වේ.
ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම යන කරුණු පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සමුළුවේ මූලික අරමුණ බව සදහන්.













































