මස් පිණිස නීතිවිරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් හා එහි රියදුරු අද (6) දින නුවරඑලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් එම සතුන් ප්‍රවාහනය කර ඇත්තේ සතුන් හට ඉතා අමානුෂික ලෙස පහර දී, පාද කඩා දමා හා ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිව බව සදහන් වේ.
අඹේවෙල ප්‍රදේශයේ සිට සැකකරු විසින් මෙම සතුන් නානුඔය දක්වා මෙලෙස ප්‍රවාහනය කරමින් සිට ඇති අතර සැකකරු අදදින නුවරඑලිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.














































