ණය වාරික එකතු කිරීමට ගිය මූල්‍ය ආයතනයක සහකාර කළමනාකාරවරයකුට පහර දී භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු වැලිගෙපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 48 හැවිරිදි වැලිගෙපොල හේන් යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සහය කළමණාකාරවරයාගේ ගෙල බැඳි ලක්ෂ දෙකක් වටිනා රන් මාලයක් හා රුපියල් පහළොස් දහසක් වටිනා උපැස් යුවළ කොල්ල කා ඇති බවත් ඔහු විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.අනතුරුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.














































