රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කරමින් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ලබා දෙන විකිරණශීලී එස්.ඩී.ජී. ඖෂධය එන්නත් කිරීම සඳහා මහරගම අපේක්ෂා රෝහල වෙත මිලදී ගත් ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය මේ වන විට අක්‍රීය වී ඇති බව වාර්තා වේ.
මෙමගින් පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර සිදු කරනු ලබන සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයට ද විකිරණවලින් ආරක්ෂාව සැපයෙන බව සඳහන්.
මෙම ස්වයංක්‍රීය යන්ත්‍රයට අවශ්‍ය සම්බන්ධක කැතීටර මිල දී ගැනීම සඳහා වන මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරන ලදී.
අදාළ ස්වයංක්‍රීය යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත්කර පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් තවත් සති දෙකක පමණ කාලයක් ගත විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.













































