පෙම්වතියගේ රන් භාණ්ඩ සහ ජංගම දුරකථනය කොල්ල කෑ පෙම්වතෙකු කුරුදුවත්ත පොලිසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
වසර දෙකක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති මෙම පෙම්වතාට පෙම්වතිය තවත් අයෙකු සමග ආලයෙන් වෙලී ඇති බවත්,පෙරේදා රාත්‍රියේ අලුත් පෙම්වතා මුණගැසීමට පෙම්වතිය නිවසෙන් බැහැරව යන බවක් දැනගන්නට ලැබී තිබේ.
ඒ අනුව පෙම්වතියගේ නිවස පිටුපස සැගව සිට පෙම්වතිය බැහැරට යන අවස්ථාවේදී ඇය සතු දුරකථනය සහ රන්මාලය කොල්ලකා පලා ගොස් ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් විසි එක් හැවිරිදි පෙම්වතා අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































