ඊයේ (13) පෙරවරු 7.00ට පමණ ගල්නැව සිට කොළඹ බලා මගීන් 40කට ආසන්න පිරිසක් රැගෙන ගමන් කළ බස් රථයක් කොළඹ – කුරුණෑගල මාර්ගයේ අලව්ව යාංගල් මෝදර දුම්රිය මාර්ගය හරහා අනාරක්ෂිත ආකාරයෙන් ධාවනය කරන විට දුම්රියේ නොගැටී අනූනවයෙන් බේරී ඇති බවත් , අදාළ බස් රථ රියදුරු සහ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති බවත් පොල්ගහවෙල රථවාහන පොලිසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම දුම්රිය හරස් මාර්ගය හරහා නොසැලකිලිමත් ලෙස බස් රථය ධාවනය කර මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ චෝදනා මත අදාළ බස් රථ රියදුරා අත්අඩංගුවට ගත් බව සඳහන්.
මෙම හරස් මාර්ගයේ සවි කර තිබූ අනතුරු ඇඟවීමේ සංඥා පහන් දල්වා තිබියදීත් , සීනුව නාද වෙමින් තිබියදීත් , ආරක්ෂක ගේට්ටුව ද වැසෙමින් තිබියදීත් එකවර බස් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කරවීමට උත්සාහ දරා ඇති අතර දුම්රිය එන බව දැකීමෙන් අනතුරුව බස් රථය නතර කරගෙන ඇත.














































