වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බවට කතෝලික සභාව අවධාරණය කරයි.
උන්වහන්සේ ගේ ප්‍රකාශයක් මාධ්‍යය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කර ඇත.
වැඩබලන පොලිස්පත්වරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම පිළිකුලෙන් යුතු ව හෙළා දකින බවත් එම පත්කිරීම දැඩිලෙස ප්‍රතික්ෂේප කරන බවත් උන්වහනසේ අවධාරණය කර තිබේ.
එසේම මෙම පත්කිරීම පාස්කු වින්දිතයන්ට කළ විශාලම අවමානය ලෙස ද උන්වහන්සේ හඳුන්වයි.














































