අගෝස්තු මාසය වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට පියවර ගන්නා බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.
මෙරට වෙළෙදපොළ සාමාන්‍යකරණයට ලක් වීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති බවත් ණය මත පදනම් වූ ආර්ථිකයක් සමග ඉදිරියට යාමට හැකියාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
“අපිට ණය මතම පදනම් වූ ආර්ථිකයක් ඉදිරියේ දී ගොඩනඟා ගන්න බෑ. ඒ නිසා සියලු දේට ගැළපෙන සර්ව ආර්ථික ප්‍රතිපත්තියක් අපි ඉස්සරහට අරන් ඇවිත් තියෙනවා. මේකේ අපි විශේෂයෙන්ම දකින්න ඕන කාරණය තමා රටේ පහුගිය කාලපරිච්ජේදය තුළ අත්‍යවශ්‍ය සේවා සැපයීම තෙල්, විදුලිය, ගෑස් ඉඳලා අද සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා. ඊළඟට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම…. අද වනවිට මිල ඉහළයෑම නතරවෙලා තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර මිල පහළ ගිහින් තියෙනවා. හැබැයි උද්ධමනය අඩුවීමට සාපේක්ෂව ඒ වේගයෙන් අඩුවෙලා නෑ. හැබැයි මේ වගේ දරුණු ආර්ථික අර්බුදයක් තිබුණ රටක සාමාන්‍ය වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැගෙන්න තව මාස කිහිපයක කාලයක් ගතවෙයි.”














































