පානදුර ,පරත්ත පාර ප්‍රදේශයේ ව්‍යාජ ලෙස පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා හිටපු නගර සභා ලිපිකරුවෙක් අද (13) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
බුද්ධි නිලධාරින්ට ලද තොරතුරක් මත දින 10ක් පමණ මේ පිළිබඳව ආවේක්ෂණ රාජකාරී කිරීමෙන් පසු අද (13) අලුයම් කාලයේ මෙම වැටලීම සිදු කර තිබේ.
එහි තිබී විශාල රාජ්‍ය නිලධාරින් පිරිසකගේ මුද්‍රා පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් 65 හැවිරිදි සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































