කළුතර රයිගම හරිත කර්මාන්ත හා තාක්ෂණික සංවර්ධන අධි කලාපය ලෙස නම් කර තිබෙන මිල්ලනිය කර්මාන්තපුරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර මෙහි භූමි ප්‍රමාණය අක්කර 25 ක් බවත් , ඒ සඳහා රුපියල් මිලියන 7500 ක මුදලක් ආයෝජනය කර තිබෙන බවත් වාර්තා වේ.
පසුගිය 22 වැනිදා සිට අද (28) දක්වා ප්‍රකාශයට පත් කෙරුණු ජාතික කර්මාන්ත සතියට සමගාමීව මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බව සඳහන් වේ.
එමෙන්ම මෙහි පළමු අදියර යටතේ කර්මාන්තශාලා 25 ක් ආරම්භ කර ඇති අතර ඉන් අපේක්ෂිත සෘජු සහ වක්‍ර රැකියා ප්‍රමාණය 1750ක් බව වාර්තා කරයි.














































