ඇමෙරිකානු පරිශීලකයන්ගේ දත්ත චීන රජය සමග කිසිදු අවස්ථාවක හුවමාරු කර නොගත් බව ප්‍රසිද්ධ සමාජ ජාල විඩියෝ යෙදවුමක් වන ටික්ටොක් සමාගමේ ප්‍රධාන නිලධාරි චී ෂොව් ෂී ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වෙත ඔහු ප්‍රකාශ කර ඇත්තේ ටික්ටොක් යෙදවුම භාවිතා කරන ඇමෙරිකානු පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියන 150 ඉක්මවූ බවත් චීන රජය හෝ එහි පාලනයේ පවතින කිසිදු නියාමන ආයතනයක් ටික්ටොක් යෙදවුම පාලනය කිරීමට මැදිහත් වී නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.















































