කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයිය ක්‍රිඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන සැණකෙළියේ මාරක ළිදෙහි කොටසක් කඩා වැටිම නිසා ඊට යට වි රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
අනාරක්ෂිත ලෙස ඉදිකරන ලද මාරක ලිදෙහි පඩිපෙල කඩා වැටි ඊට යට වි මිය ගොස් ඇත්තේ කන්තලේ මුලස්ථාන පොලිසියේ ප්‍රජා පොලිස් අංශයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කන්තලේ ලයිට් පාර ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන් 57649 ජානක සුරංජිව බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.














































