එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිංගප්පූරු ධජය යටතේ යාත්‍රාකරමින් කරමින් සිටියදී 2021 වර්ෂයේ මැයි 20 වන දින ගිනිගෙන තිබුණි. එයින් සාගර පද්ධතියට දැඩි බලපෑමල් එල්ල වුණි.
මෙම අනතුරින් සිඳු වූ පරිසර හානියට වන්දි ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරු අධිකරණයක් හමුවේ පසුගිය 26 වැනිදා නඩු පවරන ලද අතර මෙම නඩුව පසුගිය 09 වනදා පළමු වරට සිංගප්පූරු අධිකරණය හමුවේ කැඳවන ලදී.
ඒ අනුව මෙම නඩුව සිංගප්පූරු අධිකරණය හමුවේ අද (15) යළි කැඳවීමට නියමිත අතර මේ සඳහා එරට නීතීඥ සංගමයක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නඩුවට පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.














































