දහතුන් හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනයට ලක් කළ එම දරුවාගේ පියා අහුංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
පෙරේදා රාත්‍රියේ අධික ලෙස බීමත්ව පැමිණ ඇති මෙම පුද්ගලයා නිවසේ නිදා සිටි දරුවා අපයෝජනයට ලක් කර තිබෙන බව සදහන්.
ඔහු නින්දට ගිය විට දරුවා නිවසින් එළියට විත් විදේශගතව සිටින මවට දුරකථන ඇමතුමක් ලබා දී සිදුවීම පැවසූ විට වහා ක්‍රියාත්මක වූ මව ඇයගේ සොයුරියට විස්තර පවසා දරුවා ඇය භාරයට ගැනීමට කටයුතු සලස්වා තිබේ.
පෙරේදා අහුංගල්ල පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශණ සිදු කර සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවා අධිකරණ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .














































