ඊයේ (21) අවිස්සාවේල්ල , ඉහළ තල්දූව ප්‍රදේශයේ තම තුන් හැවිරිදි දරුවාව පියා විසින් පොළවේ ගසා ඇති අතර අනතුරුව පියා වස පානය කර තිබේ. පසුව ප්‍රදේශවාසීන් විසින් දරුවා සහ පියා යන දෙදෙනාම ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ. එහිදී පියා රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පලා යාමට උත්සාහ කිරීමේ දී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
එසේම අනතුරට පත් දරුවා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහල වෙත මාරු කර යැවූ බව සඳහන්.
තම බිරිඳ සමඟ ඇති කරගත් ආරවුලක් මත මෙලෙස තම දරුවාව පොළවේ ගසූ බව සැකකරු පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර තිබේ.














































