දේශීය ණය කපා නොහරින බවට ආණ්ඩුව පුන පුනා කීවේ පට්ටපල් බොරුවක් බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ කමිටුවෙන් ඉදිරිපත් වූ පූර්ව කොන්දේසියක් ලෙස දේශීය ණය කපා හරින බව කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් කර ඇති බවත් , මේ අයුරින් ජනතාව නොමඟ යවන ආණ්ඩුවක් සහ මහ බැංකු අධිපතිවරයක් පිළිබදව ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති බවත් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කර තිබේ.
පෞද්ගලික අංශයේ රැකියා කරන ජනතාව උපයාගත් මුදල් පිළිබඳව බලහත්කාරයෙන් තීන්දු තීරණ ගැනීමක් මෙහිදී සිදු වන බවත් , දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පිළිබඳ නඩුවක් ගොනු කර ඇති බවත් , ලබන 13 වැනිදා එම නඩුව විභාගයට ගන්නා බවත් , මෙවැනි විවාදයක් පැවැත්වීමට නුසුදුසු බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.














































