අහංගම ප්‍රදේශයේ සිඳු වූ සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (30) අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන එමින් සිටිය දී ඔහු මුහුදට පැන පලා ගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම එම සැකකරු කොග්ගල ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය එම ස්ථානයට ගිය අවස්ථාවේ දී එහිදී ද පොලිස් නිලධාරීන්ගෙන් මිදී සැකකරු පලා ගොස් ඇති බව සඳහන්.














































