English
සිංහල
04:01 බ්‍රහස්පතින්දා, ජූලි 2, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සඟවා දැමු අරාබිකරයේ බෞද්ධ උරුමය..!

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ත්‍රිපිටක සාහිත්‍යයෙහි විශාරදයෝ වන අප නාහිමියෝ දීර්ඝ කාලයක් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස අරාබිකරයේ සැඟවී තිබූ බෞද්ධ උරුමය ලොවට කියාපෑමට සමත් වූහ. ප්‍රථම වරට ඒ බව ප්‍රකාශකර ඇත්තේ ද උන්වහන්සේ ය. මේ හේතුවෙන් ලොවපුරා සිටිනා ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් ඒ පිළිබඳව තම අවධානය යොමු කොට ඇත. ජාත්‍යන්තර කීර්තියට පත් පර්යේෂකයන් උන්වහන්සේ සොයා නිතර පැමිණ උපදෙස් ලබා ගනීයි. එහෙත් මාධ්‍ය හරහා ජනප්‍රිය වන්නට උත්සාහ නොකරන උන්වහන්සේගේ මෙම සේවාව නිහඬව කරන්නකි. මේ, ඒ ජාත්‍යන්තර කීර්තියට පත් පඬිරුවන විසින් අරාබිකරයේ බෞද්ධ උරුමය සම්බන්ධයෙන් කරනු ලබන ආන්දෝලනාත්මක ශාස්ත්‍රීය හෙළිදරව්වයි..

    ලෝකයෙහි විශාලතම අර්ධද්වීපය වන අරාබි රට ඉතිහාස යුගයේ ආරම්භය තෙක් විද්වත් ජනයා විසින් හඳුනාගත් පෙදෙසක් හෝ රටක් නොවී ය. මෑතකදී ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් සහ දේශගවේෂකාදීන් විසින් ඉපැරණි ප්‍රාග් ඓතිහාසික ශිෂ්ඨාචාරයක් මේ අර්ධද්වීප‍යෙහි පැවති බවට සාක්ෂීන් සොයා දැනගන්නා තුරු අරාබි දේශය ඉපැරණි ලෝකයේ ජනාවාස නොපැවති පියසක් ලෙස පිළිගැනීමට ලක්ව පැවතියේ ය. මෙසේ සොයාගත් ප්‍රාග් ඉස්ලාමීය ශිෂ්ඨාචාරයකට අයත් අරාබි රාජ්‍යයන් බටහිර ආසියාවේ වෙනත් මධ්‍යධරණී පෙදෙස්වලින් මතුවූ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ඨාචාරයන් සේම ඉතා වැදගත් කරුණු එළි පෙහෙළි කොට දක්වන පෙදෙස් බවට ඉතිහාසඥයෝත් පුරාවිද්‍යාඥයෝත් පෙන්වා දුන්හ. ඓතිහාසික වූත්, පුරාවිද්‍යාත්මක වූත් සාධක අනුසාරයෙන් මේ ඉපැරණි අරාබි ශිෂ්ඨාචාරයන්ගේ යට ගියාව තව තවත් සොයා එළිදරවු කිරීමට මේ ප්‍රවීණයෝ සමත් වූහ.

    අප විසින් මෑතකදී පැරණිතම බෞද්ධ සාහිත්‍යයට අයත් ග්‍රන්ථයන් අළලමින් කරන ලද පර්යේෂණයන් අනුසාරයෙන් මේ බටහිර ආසියාකරයේ තිබූ ඉපැරණි මානව ශිෂ්ඨාචාරයන් අතුරෙන් බෞද්ධ ශිෂ්ඨාචාරයට හිමිකම් කියන කරුණු රැසක් හෙළිදරවු කරගැනීමට හැකිව ඇත. එනම් මැදපෙරදිග පැරණිම අරාබි රාජ්‍යයන් ගේ බිහිවීම බුදුදහමේ ආභාසයෙන් සිදුවූ බවට පිළිගතහැකි සාක්ෂීන් හෙළිදරවු කරගැනීමට ලැබීමයි. බෞද්ධ සාහිත්‍යයෙහි එන පැරණිතම බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් වන සාධක අපගේ මේ නවතම සොයාගැනීමට පාදක වූ බව සඳහන් කළ යුතුවේ.

    ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායට අයත් උපරිම පණ්ණාසකයේ, 5වන සළායතන වග්ගයට අයත් තුන්වන සූත්‍රය ‘පුණ්ණෝවාද සූත්‍රය‘ නමින් ප්‍රකට වේ. ඒ සූත්‍රයේ අටුවා කතාවෙන් ඉහතින් දුටු පුවත සනාථ කිරීමට සෑහෙන තරම් සාක්ෂි සපයා ගත හැකිවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සමථ විපස්සනා භාවනා කමටහනක් ලෙස පුණ්ණෝවාද සූත්‍රය දේශනා කරන ලදුයේ අරාබි ජාතික භික්ෂුනමකට ය. ක්‍රිස්තු පූර්ව සවන සියවස වූ බුද්ධ කාලයට ඈත අතීතයේ දැන් ‘සීනායි‘ නමින් හඳුන්වනු ලබන ක්ෂේමභූය ඇතුළු මුළු අරාබි අර්ධද්වීපයත් ඉන් ඔබ්බෙහි පිහිටි ජනපද සියල්ලත් ‘සුණාපරන්ත ජනපද‘ නමින් ප්‍රකට වූහ.

    වො, වාල, වාලුකා, අමනුෂ්‍ය, නිරුදකකාන්තාරයන්ගෙන් ගහණ වූ මේ විශාල ප්‍රදේශය ‘සීනායි‘ නමින් පටන්ගෙන මුළුමහත් බටහිර ආසියාව තුළත් ඉන් ඔබ්බේහිත් පැතිර ගියේ ය. එහෙයින් සුණාපරන්ත ජනපද නාමයෙන් පුරාණයෙහි හැඳින්විණි. උතුරු ඉන්දියාවේ සිට විහිදී ගිය උත්තරාපථ නැමැති මහා වෙළඳ මාර්ගය සුණාපරන්ත මහා ජනපද රාජ්‍යයන් තුළ විහිදී ගියේ ය. නැගෙනහිර සිටත් බටහිර සිටත් දේශගවේෂකයෝ ද සාත්තුවාහකයෝ ද (ගැල්කරුවන්), ධර්ම ගවේෂීහු ද මේ මහමඟ ඔස්සේ ගමන්කොටසුණා (Suna) හෙවත් සීනායි හිදී අභිමත පරිදි අවශ්‍ය ආදාන -ප්‍රධාන (ගණුදෙනු) හුවමාරු කොට ගත්හ. බෞද්ධ ජාතක කතාවලින් ඒ බව තවදුරටත් තහවුරු වෙයි .(අපණ්ණක ජාතකය). සුණාපරන්ත අර්ධද්වීපය එහි ‘යවනදේශ‘, ‘යෝනකදේශ‘, ‘යවනලෝක‘, නමිනුදු හැඳින්වෙයි. පූර්වයෙහි ‘සුණාපරන්ත රට‘ නමින් ගැනුණු අරාබි ලෝකය නූතන සමයෙහි ‘මැදපෙරදිග‘ යනුවෙන් ගැනෙයි. පෙරදිග සිට කෙමෙන් කෙමෙන් ආර්ය සභ්‍යත්වය මැදපෙරදිගටත්, යුරෝපයටත් පැතිරගියේ මුල සඳහන් කළ ‘උත්තරාපථ මාර්ගයෙහි‘ ය. ඒ වනාහී බෞද්ධ යුගයටත් සියවස් බොහෝ ගණනකට පෙර සිට ඇරඹීමෙනි. මහාකාරුණික තථාගත ගෞතම සම්බුදුරජාණන්වහන්සේ අනුත්තර සම්‍යක් සම්බෝධි ඥාණාධිගමයෙන් පසු ලොකානුකම්පායෙන් ලොවින් ලොවට රටින් රටට වැඩ නිවන් සුව මගට නිසි පුගුලන් තෝරාගෙන බණ දහම් දෙසූ සැටිත්, බොහෝ දෙන බඹ – සුර – නර ලොවින් තමන්වහන්සේ වෙතැ පැමිණ බණ දහම් අසා නිවන් සුව ලද සැටිත් තෙවළා පෙල දහමෙහි එයි. ‘ජම්බුද්වීපය‘, ‘පූර්ව විදේහ‘, ‘අපරගෝයාන‘, ‘උතුරුකුරු‘ යන සිව් දිවයින් හි නා නා ජාතික නා නා ගෝත්‍රික මිනිසුන් සම්බුදුරජාණන්වහන්සේ වෙත පැමිණ බණ දහම් අසා නව ලොවුතුරු දහම් පසක්කොට ගත් අතර තවත් බොහෝ දෙන දඹදිවට පැමිණ ශිල්ප ශාස්ත්‍ර, ශබ්ද ශාස්ත්‍ර, දර්ශන ශාස්ත්‍ර ආදිය උගෙන ගියහ. වෙළෙන්දෝ වාණිජ කර්මයන් හි නිරත වූහ. ථේරවාද, මහායාන බෞද්ධ ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයන්ගෙන් ඒ පිළිබඳව අගනා වාර්තා උපුටා ගතහැකි වෙයි. සූත්‍ර පිටකයෙහි එන ‘පුණ්ණෝවාද සූත්‍රය‘ මේ කියූ දෑ සනාථ කරන කදිම සාක්ෂියකි.

    ශාක්‍යසිංහ සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගේ ශ්‍රාවක මහතෙර නමක් වූ පුණ්ණ හිමියෝ සුණාපරන්ත ජනපදයට අයත් මෙකල ‘පූනාන්‘ නමින් හැඳින්වෙන ගමේ වෙළඳ නායක පවුලක උපන් දෙටු පුත් වූහ. ගම්දෙටු පවුලට අයත් වූ හෙයින් ගමේ නමින් හෙතෙම ‘පුණ්ණ‘ විය. ඔහුගේ කනිටු බෑයා (බාල සොහොයුරා) ‘චූල පුණ්ණ‘ යනුවෙන් ප්‍රසිද්ධ විය. වියපත් දෙසොහොයුරෝ ගැල්වර පන්සීයක් ගෙන රටින් රට යමින් වෙළඳාම් කළහ. බඩු පුරවා ගැල් පන්සීයයක් රැගත් වැඩිමහල් පුණ්ණ සපරිවාරව වෙළඳාම් කරමින් උත්තරාපථ මහාගෝයානය ඔස්සේ ඉන්දියාවට සැපත්ව කොසොල් රට අගනුවර වූ ‘සැවැත්නුවර‘ ට පැමිණ වාඩිලාගෙන වෙළඳාම් කරමින් විසීය.

    දිනක් පුණ්ණ කෙලෙඹි පෙරවරුයෙහි ආහාර පිස නිමවා සිය පිරිස සමඟ පිළිසඳරෙහි යෙදීසිටින අතරතුර සාවත්ථි නගරවාසීන් උදයේ ආහාර, පැන් ගෙන සුදුවත් හැඳ, සුදු සළු එකස්කොට පොරොවා සිවුපස ද රැ‍ගෙන ශාන්තව මහමඟ පෙළගැසී සැවැත් නුවර ‘ජේතවනාරාමය‘ දෙසට ගමන් කරනු දිටීය. “ඔවුහු කවරහුද ?“ “කොහි යෙද්දැ?“ යි හෙතෙම විචාලේ ය. “මොවුහු ගෞතම බුදුරජාණන්වහන්සේ වෙතැ බණ ඇසුමට යන්නාහ“ යි අසා ඉමහත් සොම්නසින් උත්තේජිතවූ ‘පුණ්ණ‘ වෙළඳ නායක ද ජේතවනාරාමය බලා එපිරිස සමඟ ගොස් බුදුන් දැක බණ අසා ඉමහත් සේ පිනා ගියේය. උවසු – උවැසි පිරිස තෙරුවන් පුදා වැඳ ගිය පසු ‘පුණ්ණ‘ සම්බුදුරදුන් වෙතැ හුදෙකලාවැ ගොස් බුදුන් වැඳ හෙට දවස් හි තමාගේ වාඩියට පන්සිය නමක් සමඟ වැඩ දන් පිළිගත් මැනවැයි ආරාධනා කොට ගියේ ය. පසුදින මහ දන්හලක් ඉදිකරවා දන් පිළියෙල කොට බුදුපාමොක් මහසඟනට දන් වළඳවා තිසරණ පන්සිල් සමාදන්ව බෞද්ධ උපාසකයෙක් විය. එයින්ම සෑහීමට නොපත් අරාබි ජාතික පුණ්ණෝපාසකතුමා තමා සතු සියළු වස්තුව සෙසු වෙළඳුන් අතැ සිය මලණුවන්ට දී “තමා ගෞතම බුද්ධ ශාසනයෙහි පැවැදි වූ බව කියවයි“ දන්වා යැවී ය. සම්බුදු සස්නෙහි මහණ උපසම්පදා ලත් ප්‍රථම යෝනක භික්ෂු තෙම අරාබියේ පූනාන් හි උපන් ‘පුණ්ණ තෙර‘ ය. එය ඓතිහාසිකව වැදගත් සිදුවීමකි. සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ නැවතී ධර්ම විනය මැනැවින් උගත් පුණ්ණ හිමි දිවා රෑ දෙකෙහිම සීල – සමාධි – ප්‍රඥා යන ත්‍රිශීක්ෂායෙහි යෙදෙමින් කමටහන් ලැබීය. කොතෙක් වත් පිළිවෙත් පිරුවද මහණදම් පිරුවද පුණ්ණ හිමියෝ අධිගම ලාභයට අසමත් වූහ. ඒ ඔහුට දඹදිවෙහිදී නිසි උතුසප්පාය, සේනාසනසප්පාය, භෝජනසප්පාය, ආදිය නියමිත පරිදි නොලැබුණ හෙයිනි.

    පුණ්ණ හිමියෝ සිය රට යති

    තමන්වහන්සේට සුපුරුදු ඍතු ගුණයක් භෝජනාවාස භූමියක් නොලැබූ නිසා ස්වකීය ජන්ම භූමිය වන අරාබි දේශයට ගොස් මහණදම් පුරා ලොව්තුරා සැප උපදවාගෙන එරට වෙසෙන ස්වජාතිකයන් අතර සම්බුදු දහම පතුරුවා ලීම මැනවැයි පුණ්ණ තෙරණුවෝ සිතී ය. හෙතෙම දවසක් බුදුරජාණන්වහන්සේ වෙතැ ගොස් වැඳ “ස්වාමීනි මම සියරට ගොස් මහණදම් පුරන්නෙමි“ යැයි ද, “ඒ පිණිස රහත් මග ඵල ලබාගැනීමට සුදුසු භාවනාත්මක කර්මස්ථානයක් සැකෙවින් උගන්වා සුණාපරන්ත ජනපදයට ආපසු යාමට අවසර දී වදාළ මැනවැ“යි ද සැළ කළහ. තම අසමසම වූ බුද්ධ ඥාණයෙන් පුණ්ණ තෙරුන්වහන්සේ ගේ චිත්තාචාරය අතැඹුලක් සේ දැන වදාළ සර්වඥයන්වහන්සේ පුණ්ණ හිමියන් ට අෂ්ට සමාපත්ති සහිත නව ලෝකොත්තර මාර්ග ඵල උපදවා ගැනීමට හැකිවන පරිදි සමථ විපස්සනා යන උභය කර්මස්ථාන සැකෙවින් උගන්වා වදාළ සේක.

    කර්මස්ථානය

    පුණ්ණයෙනි, පුද්ගලයාගේ ඇස, කණ, නාසය, දිව, ශරීරය සහ සිත යන ඉඳුරන් සයට ඉෂ්ඨ වූද, මනාප වූද, සිත් අලවන්නාවූ ද, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨම්භ, ධම්ම යන අරමුණු සයෙක් ඇත. ඒ ඉෂ්ඨ කාන්ත මනාප රජනීය වූ අරමුණු නිත්‍ය – සුඛ – ශුභ ආත්ම භාව වශයෙන් උසස් ලෙස පිළිගෙන, උසස් ලෙස ගුණ කියමින් ඒ තුළට බැසගෙන අයෝනිසෝ මනසිකාරයෙන් එහි සිත් රැඳවූවොත් ‘නන්දි‘ නැමැති කාම – තෘෂ්ණා උපදින්නේ ය. ඒ තෘෂ්ණාවෙන් පස්කඳ නැමැති සසර උපදින්නේ ය. මෙසේ අයෝනිසෝ මනසිකාරයෙන් ‘තණ්හා‘ නම් වූ සමුදය සත්‍යයත් එහි ප්‍රතිපල වශයෙන් ‘දුක්ඛ‘ ආර්ය සත්‍යයත් පහළ වන්නේ ය. අයෝනිසෝ මනසිකාරයෙන් ‘තණ්හා‘ නම් වූ සමුදය සත්‍යයත් එහි ප්‍රතිපලය වශයෙන් ‘දුක්ඛ නිරෝධ‘ සත්‍යයත් පහළ වන්නේ ය.

    “මේ හේතුඵල ධර්ම ලෙසත්, කර්ම ඵල ලෙසත් සංසාරයේ පවත්නේ ය. පුණ්ණයෙනි, සසර භය දක්නා පුද්ගලයාගේ පෙර කියූ ඉන්ද්‍රීය සයට ගොදුරුවන ඉෂ්ඨ කාන්ත මනාප කාමෝප සංහිත රාජනීය වූ රූපාදී අරමුණු සය අනිත්‍ය, අසුබ, දුක්ඛ, අනාත්ම විසින් යෝනිසෝ මනසිකාරයෙන් යෙදී ඉහත සඳහන් කළ දොළොස් ආයතන සෑම අනිත්‍ය වෙයි. අසුබ වෙයි. දුක්ඛ වෙයි. අනාත්ම වෙයි. එහෙයින් ඒ හැම නොවෙයි. ඒ හැම මට ද නොවෙයි. මාගේ නිත්‍යාව ද නොවෙයි යනුවෙන් අනිච්චානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා, යන සත් වැදෑරුම් අනුපස්සනායෙන් මෙනෙහි කරත්ම, විදසුන් වඩාත්ම අනුක්‍රමයෙන් භාවනානුයෝගියාගේ සිත කාම – භව – දිට්ඨි – අවිද්‍යා යන චතුරාස්‍රව ධර්මයන්ගෙන් මිදේ. සියලු කර්ම ක්ලේශයන්ගෙන් සිත මිදුනු විට හෙතෙම දැන් මාගේ සිත මිදී යැයි පස්විකුම් නුවණින් දැනගන්නේ ය. මාගේ පුනර්භවය ක්ෂීණ විය. මත්තෙහි මට පුනර්භවයක් නැත. මා විසින් මාගේ බඹසර වැසීම නිමාවන ලද ය. සිවුමග නැණින් කලමනා කිස නිමාවට ගියේ ය. මින් මත්තෙහි මේ පිණිස වෙන කලමනා දෙයක් නැතැයි දැනගත් විට ඔහුගේ ‘නන්දි‘ නැමැති ලෝකෝත්තර අරමුණු නිත්‍ය – සුභ – සුඛ ආත්ම වශයෙන් පිළිගන්නා තෙවැදෑරුම් තෘෂ්ණාව ගෙවී යයි. තෘෂ්ණා නිරෝධයෙන් සසර දුක් ගෙවයි. මෙසේ යෝනිසෝ මනසිකාරයෙන් අනුත්තර විමුක්ති සුවය ලබන්නේ“ බුදුරදුන් සැකෙවින් වදාළ සේක.

    පුණ්ණ තෙරුන්ගේ සිංහ නාදය

    මෙසේ සැකෙවින් විදසුන් කමටහන් උගන්වා වදාළ තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ තෙරුන්ගේ සිත් හසර විමසා බලනු පිණිස “පුණ්ණ ඔබ උපන් මව් රට වූ සුනාපරන්ත ජනපදයේ වෙසෙන මිනිස්සු බොහෝ සැඩ පරුෂ වෙති. ඔබ පැවිදිව එහි ගොස් මහණදම් පුරන විට ඔවුන් ඔබට ආක්‍රෝෂ පරිභව කරතොත් කුමක් කරවුද“යි විචාල සේක.

    “ස්වාමීනි, මේ සුණාපරන්ත ජනපදවාසීහු මට සැඩපරොස් බසින් බැණ දොඩති. එහෙත් අතින් බැට නොදෙති. ඒ කරුණින් මේ මිනිස්සු මනාවෙතැයි ද මොපශවයෙන් (ඉවසීමෙන්) යුක්ත වෙමැ“ යි තෙරණුවෝ පිළිතුරු දුන්හ.

    “හොඳයි පුණ්ණ ඔවුන් ඔබට අතින් ගුටි බැට දුනහොත් කුමක් කරවු ද?“

    “ස්වාමීනි මේ සුණාපරන්තවාසී මනුෂ්‍යයෝ හොඳයි බොහෝ හොඳයි ඔවුන් මට අතින් ගසතත් ගල් මුල් දමා නොගසත්. ඒ කරුණින් ඔවුහු මනා වෙතැයි සිතා ඉවසමි“ යි කීය.

    “හොඳයි පුණ්ණ ඔවුන් ඔබට ගල් මුල් වලින් පහර දෙතොත් කුමක් කරවුද ?“

    ස්වාමීනි ඔවුන් මට ගල් මුල් වලින් ගැසුවද ඔවුහු මට දඬු මුගුරින් නොගසත්. ඒ කරුණින් සුනාපරන්ත ජනපද වැසියෝ භද්‍ර වෙතියි, සුහද වෙතියි ඉවසම් ය. පිළිතුරු දුන්නේ ය.

    “ඉදින් පුණ්ණ ඒ මිනිසුන් දඬු මුගුරින් පහර දෙතොත් ?“

    “භාග්‍යවත් සුගතයන් වහන්ස, මොවුන් මට දඬු මුගුරින් ගසතත් අවියෙන් නොගසන හෙයින් ඔවුන් හොඳයි සිත සිතා ඉවසමි“යි කීය.

    “ඉතා මැනවි පුණ්ණය, ඉදින් අවියෙන් පහර දුනහොත් කුමක් සිතවු ද? “

    “එවිටත් සැබැවින් මේ සුනාපරන්තයේ මිනිසුන් මාගේ දිවි තොර නොකරන බැවින් මනා වෙතැයි සිතා ක්ෂාන්තිවාදී වෙමැයි“ කීය.

    “හොඳයි පුණ්ණ ඉදින් ඒ මිනිස්සු ඔබට තියුණු මුවහත් ඇති අවියෙන් ගසා කොටත් නම්, ඔබගේ දිවි තොරකරත් නම් කරවුද? “

    “ස්වාමීන් වහන්ස, සුගතයන් වහන්ස, ඔබ වහන්සේ වෙතින් බණ දහම් අසා උගත්, නිවන් සුව පසක් කොට ගැණුමට දිවා රෑ දෙකෙහි වැර වඩන, තමන්ගේ කයටත්, ජීවිතයටත් පිළිකුල් කරන, බොහෝ ශ්‍රාවකයෝ ද, මනදොළ සපුරා ගැනුමට උපාය මාර්ග සොයන බොහෝ බුදු සව්වෝ ද ඇත. සතරමග, සතරපල, නිවන් යන නව ලෝකෝත්තර ධර්මය ලබා ගැනුමට සිය කයත්, දිවියත් කැපකොට වැරවඩන මට මේ සුණාපරන්ත ජනපද වාසී මනුෂ්‍යයන් ගේ අවිපහර මා දිවි ගලවති. සියදිවි තොරකොට ගැනුමට තියුණු අවි සෙවීමේ ගැහැටක් දැන් මට නැතැයි සිතා ක්ෂාන්තියම උපසමය ම දරමැ“යි කීය.

    පුණ්ණ හිමියන්ගේ මේ සිංහ නාදය (අභීත නාදය) ඇසූ මහාකාරුණික තථාගතයන් වහන්සේ පුණ්ණ තෙරුන්ට තෙවරක් සාදු නාද දී “පුණ්ණයෙනි, ඉතා යහපති, ඉතාම යහපති. ඔබ මේ සුණාපරන්ත දේශයේ විසුමට සමත් වෙහි ය. දැන් සිය රට යව“යි. පුණ්ණ හිමියන්ගේ ගමනට අනුමැතිය දී වදාළ හ. ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත් සුණාපරන්තික පුණ්ණ හිමියෝ තමන් විසූ සෙනසුන සකසා තබා බුදුන් වැඳ පැදකුණු කොට පා සිවුරු රැගෙනඋත්තරාපථ නැමැති මහගැල් මග ඔස්සේ මැදපෙරදිග සුණාපරන්ත දේශය බලා ගමනාරම්භ කළහ.

    දුරුකතර රට රාජ්‍යයන් පසුකරමින් දිගුකල් ගෙවා තමා උපන් සුණාපරන්ත මහ ජනපදය වූ අරාබි අර්ධද්වීපයට පැමිණි ප්‍රථම අරාබියානු ජාතික භික්ෂුව වූ පුණ්ණ මහතෙරපාණෝ උපන් ගමට ආසන්නයේ පිහිටි අම්බට්ඨ (Ambattha) නැමැති පර්වතයේ විහාරයක් ඉදිකරවා ගෙන වෙසෙමින් දිනපතා සිය කනිටු සොහොයුරු චුල්ල පුණ්ණ කෙලෙඹිහුගේ නිවසින් පිඞුසිඟා යැපෙමින් සිය මලණු හට බොදු උවසු ගිහිවත ඇතුලු බුද්ධ ධර්මය ඉගැන්වූහ. බෞද්ධ ඉතිහාසයට අනුව ක්‍රිස්තු වර්ෂයට පෙර හයවන සියවසෙහි, දැන් මැදපෙරදිගට අයත් අරාබි මහා ජනපදයෙහි මුල්ම බෞද්ධ මහා තෙර වූයේ පුණ්ණ මහ තෙරණුවෝ ය. උන්වහන්සේ ගේ කනිටු වෙළඳ කෙලෙඹි තෙම (බාල සොහොයුරා) අරාබි දේශයේ ආදිතම බෞද්ධ උපාසක තුමා වීය. අරාබියේ ඉදිකරන ලද ප්‍රථම බෞද්ධ විහාරය අම්බට්ඨ විහාරය යි. පුණ්ණ තෙරුන්වහන්සේ ගේ අනුශාසනා ගෙන ඉන්පසු චූල පුණ්ණ උපාසක තුමා ප්‍රමුඛ බෞද්ධයන් විසින් කරන ලද දෙවන විහාරය සමුද්දගිරි විහාරය (Samuddagiri) නමින් ප්‍රකට විය.

    පුණ්ණ හිමියන් ට සක්මන් කරනු පිණිස අයස්කාන්ත පාෂාණයෙන් (මෙය කාන්දමි පාෂාණ විශේෂයකි.) වටකොට මහ සක්මන් මළුවක් ඒ විහාරයෙහි තනවන ලද්දේ ය. ඒ කාන්දම් ගල්වැටියේ මුහුදු රළ තරඟ පෙළ අවුත් වදින නිසා සක්මන් මළුවේ භාවනානුයෝගී ව වසන අයට සිත එකඟ කරගැනීමේ පහසුව තකා පුණ්ණ මාහිමියෝ ඍද්ධි බලෙන් මුහුදු රළගොස නිහඬ කොට අන් මගෙකට හැරවූහ. එතැන් පටන් ඒ මුහුදමළ මුහුද (Dead Sea) නමින් ප්‍රසිද්ධියට පත් විය. මළ මුහුද අසබඩ පිහිටුවන ලද සමුද්දගිරි විහාරය අරාබියේ පිහිටි දෙවන බෞද්ධාරාමය විය. ඉන්පසු පුණ්ණ මාහිමියන්සුණාපරන්තයෙහි තුන්වන විහාරයක් ද ඉදිකරවූහ. එය මාතුලගිරි විහාරය (Matulagiri)නම් විය. එහි ද කලක් වැඩහිඳ, රෑ දවල් මුළු පෙදෙස කුරුළු හඬින් පැතිර ගිය හෙයින් චිත්ත සමාධිය ලැබිය නොහැකි යැයි දැන, පුණ්ණ මහ තෙරපාණෝ මාතුලගිරිවිහාරයෙන් නික්ම මකුලකාරාම (Makulakarama) විහාරයට වැඩියහ. මෙය අරාබියේ පිහිටුවන ලද සතරවන බෞද්ධ විහාරයයි. මකුලකාරාම විහාරයෙහි වස් කාලය ගත කළ හිමිපා‍ණෝ එහි ලැගුම් ගෙවල් විහාරස්ථාන, සක්මන් මළු ආදිය කරවා අරාබි දේශයේ පිහිටි විහාරස්ථානයන්ගෙන් ප්‍රමුඛ විහාරස්ථානය කොට දියුණු කරවූහ.

    ඒ වස් කාලය පූනාන් වෙළඳ ගමේ විසූ පන්සියයක් වෙළඳ ව්‍යාපාරිකයෝ නැව් වල බඩු පටවාගෙන තෙරුන් වහන්සේට වැඳ “ හිමියනි අපි වෙළඳාම් පිණිස නැව් නැග විදේශයනට යන්නෙමු. මහමුහුද කෙරෙහි විශ්වාස තැබිය නොහෙන්නෙමු. ඒ මහමුහුද නොයෙකුත් අනතුරුවලින් ගහණව ඇති හෙයිනි. අප යනවිට සොයාබැලුව මනා යැයි“ පවසා නැව්නැග ගියේය. නැව් මහ මුහුදේ ඉහළම වේගයෙන් ගමන් ගෙන එක්තරා කුඩා දිවයිනකට සේන්දු විය. යාත්‍රිකයෝ ඒ දිවයිනට ගොඩ බැස දිවා බොජුන් ගැනීමට සැරසුන හ. ඒ දූපතේ රත්සඳුන් බහුල හෙයින් ද, රත්සඳුන් සුන් කැබැල්ලක වටිනාකම මුදලින් ලක්ෂයක් පමණ වන හෙයින් ද, ඔවුන් රත්සඳුන් ගස් කැබලි කොට කපා නැවේ පටවාගෙන යාත්‍රාවෙහි යෙදුණ හ. එයින් කිපුණු ඒ වනයෙහි විසූ අමනුෂ්‍යයෝ මුහුදේ මහා කුණාටුවක් මවා නැව ගිල්වාලීමට සැරසී ගත්හ. ඒ මොහොතෙහි පුණ්ණ හිමිපාණෝ ඍද්ධි බලයෙන් අහස්කුස්හි පෙනී සිට අමනුෂ්‍යයන් පළවා ලූහ. “තෙපි දැන් කොහි යනු කැමැත්තහු දැයි“ වෙළෙන්දන්ගෙන් ඇසූහ. “හිමියනි ආපසු සුණාපරන්තයටම යනු කැමැත්තෙමු“ යි කීහ. තෙරණුවෝ ඍද්ධි බලයෙන් නැව ආපසු අරාබියට ම යේවායි අධිෂ්ඨාන කළහ.

    වෙළඳ පිරිස සහිත නැව නිරුපද්‍රිතව ආපසු සුණාපරන්තයට ම පැමිණියේ ය. වෙළඳ පිරිස ගොඩබැස රත් සඳුන් රැස ද ගොඩබාගෙන කොටස්කොට විකුණා විශාල ධනස්කන්ධයක් උපයා ඉන් කොටසක් පුණ්ණ හිමිපාණන්ට ද වෙන්කොට ලූහ. තෙරණුවෝ එය නොපිළිගෙන “තෙපි බුදුරජාණන්වහන්සේ දකිනු රිසිනම් මකුලකාරාමයේ මහා මණ්ඩල මාලයක් ඉදිකරවව්. එවිට මම අපගේ බුදුරදුන් වැඩමකරවාගෙන අවුත් තොප හැමට දක්වන්නෙමු“ යි ඔවා දුන්හ. පූනාන් වෙළඳ ගමේ වෙළඳ පවුල් පන්සියයක විසූ ස්ත්‍රී පුරුෂයෝ බුදුදහම වැළඳගෙන බුදු පාමොක් මහරහතුනට වැඩහිඳිනු සඳහා මහා මණ්ඩලයක් තනා ඒ බව පුණ්ණ හිමියන් ට දැන්වූහ. ඒ වස් කාලය තුලම භාවනා කොට විදසුන් වඩා ත්‍රිවිද්‍යා සහිත රහත් පලය ලැබූ උන්වහන්සේ ඍද්ධි බලයෙන් සැවැත්නුවර ජේතවනාරාමයට වැඩ බුදුන් වැඳ, සුණාපරන්තයට වැඩ එරට වෙසෙන උපාසක උපාසිකාවන ට අනුකම්පාවෙන් දහම් දෙසන්නැයි අයැදූහ.

    බුදුහු පන්සියයක් රහත් මහණුන් සමග සුණාපරන්තය ට වැඩියහ. මකුලකාරාම විහාරයෙහි මණ්ඩල මාලක මහා මන්දිරය ඉදිකිරීම ඇරඹූ තැන් සිට බුදුහු අප්‍රකටව වරින් වර ඍද්ධි බලයෙන් සුණාපරන්තය ට වැඩ මකුලකාරාම විහාරය බුද්ධ පරිභෝගයෙන් පරිභෝග කළ සේක. රාත්‍රී කාලයේ විහාර භූමිය රැකබලා ගැනීමේ නියුතු මිනිස්සු රාත්‍රියෙහි එහි පැවති බුද්ධාලෝකය දැක එහි සැබැවින් ම මහේශාඛ්‍ය දෙවියෙකු අරක්ගෙන ඇතැයි සිතූහ. පුණ්ණ මහරහතන්වහන්සේ ගේ ආරාධනාව ඉවසා වදාළ මහා කාරුණික තථාගත සර්වඥයන් වහන්සේ සැරියුත් – මුගලන් දෑගසව්වන් ඇතුළු ආකාශගාමී මහරහතන් පන්සිය දෙනෙකුන් කැටිවලාගෙන දෙවියන් විසින් මවාපෑ කුඩා අහස් යානා පන්සියයකින් ප්‍රසිද්ධියේ ම සුනාපරන්ත දේශය බලා නික්මියහ. අතරමගදී සච්චබද්ධ පර්වතයේ විසූ, මිසදිටු දහම් උගන්වා මහජනතාව නොමග යවමින් සිටි සච්චබද්ධ තාපසයා වෙත වැඩි සෑසී මුණිරජාණන් වහන්සේ සිවුසස් දහම් දෙසා පැවිදි කොට රහත් මග පල ගන්වා ඔහුද සමග මැදපෙරදිග සුණාපරන්ත ජනපදය ට වැඩමකළ සේක.අහස්යානා පන්සියය මහජනයාට නොපෙනේවා යි ඉටා තබා එයින් බට සම්බුදුරජාණන් වහන්සේ රහත් සඟ පන්සිය දෙනා සමග පා ගමනින් පූනාන් නැමැති වෙළඳ ගමට වැඩි සේක. එහි දන් වළඳා අවසන් හි අනුමෙවෙනි බණ දෙසා මහජනයා සමග මකුලකාරාම විහාරයට වැඩ අභිනවයෙන් ඉදිකරවන ලද ‘මණ්ඩල මාලයට‘ වැඩ එහි වැඩහුන් සේක. ජනතාව පෙහෙවස් සමාදන් ව මණ්ඩල මාලකයෙහි රැස්ව අසුන්ගත් හ. මහමුනිරජාණෝ ඔවුන්ට සදහම් දෙසූහ.

    එයින් මහජනයාට බන්ධනමෝක්ෂය විය. මහසඟරුවන ඇතුළු සම්බුදුරජාණන්වහන්සේ දැක වැඳපුදා ගැනුමට මහජනයා අතර මහා කලබගෑනියක් විය. ඔවුන්ට අනුකම්පායෙන් ධර්ම සංග්‍රහ පිණිස උන්වහන්සේ සුණාපරන්ත ජනපදයේ ටික දිනක් විසූ සේක. එහි සැරිසරා පුණ්ණ මහරහතන් වහන්සේ එහි නවත්වා වාණිජ ග්‍රාමයෙහි පිඬුසිඟා වළඳා බික්සඟුන් කැටිවලාගෙන ආපසු සැවැත් නුවර දෙව්රම් වෙහෙර බලා පිටත් වූහ. ආපසු වඩනා අතරමග ඉන්දියාවේ වින්ධ්‍යා කඳුවැටියෙන් දකුණු දිග්හි පිහිටි දක්ෂිණපථයේ නාග රාජධානියට අයත් ‘නර්මදා‘ නදීබඩ ගල්තලායෙහි සැදැහැවතුන් ගේ වන්දනාමාන සඳහා තමන් වහන්සේ ගේ සිරිපා ලකුණු පිහිටුවා ලූ සේක. ඒ දීර්ඝ චාරිකාවෙහිදී ධර්මරාජයාණන් වහන්සේ මහජනානුකම්පායෙන් ඔවුනට සගමොක් සුව පිණිස වැඳපුදා පිං රැස්කරගනු අටියෙන් සුණාපරන්ත ජනපදයේ පිහිටිමකුලකාරාම මහා විහාරයේත් (වර්තමානයේ මක්කම), සච්චබද්ධ පර්වතයේත්, නර්මදා නදී තීරයෙහිත් සිරිපා ලකුණු පිහිටුවා වදාළ සේක. තෙවන ශ්‍රී ලංකාවතරණයේදී සුමන දේවරාජයාගේ ඉල්ලීම නිසා සුමන කූට පර්වතයෙහි ද සිරිපා ලකුණු තැබූ සේක.

    එලෙසින් ම සම්බුදුරජාණන්වහන්සේ ගේ ධරමාන යුගයෙහිම සුණාපරන්ත නමින් පෙර හැඳින්වුනු මැදපෙරදිග ජනපදයන් හි සම්බුදු දහම පැතිරගිය සැටිත්, අර්ධද්වීපය ට බුදු රජුන් වැඩ දහම් දෙසූ සැටිත් පුණ්ණෝවාද අට්ඨකතාවෙහිඅන්තර්ගතව එයි. එය ශතවර්ෂ දශකයකටත් වැඩි කාලයක් ම ධර්ම විනයධර වියතුන්ගේත්, පුරාවිද්‍යාඥයන්ගේත්, ඉතිහාසඥයන්ගේත් දෘෂ්ටිගෝචර නොවී පැවතෙයි. සාරාර්ථ කතා, ත්‍රිපිටක ධර්මය නැවත කියවා බලත් ම අනූ එක්වෙනි වියෙහි පසුවන මට එය නැවත බොදු වියත් ගණ හමුවේ තැබීමට පිං පලදීමකින් දෝ මං සැලසිනි. බුදුන්වහන්සේ, පුණ්ණ මහරහතන් වහන්සේ උපන් මැදපෙරදිග බෞද්ධයනට වැඳපුදා ගැනීමට මකුලකාරාමයෙහිත්, නර්මදා නදී තීරයෙහිත්, සච්චබද්ධ පර්වතයෙහිත් පාද ලාංඡන චේතිය පිහිටුවා වදාරා ආපසු භික්ෂු සංඝයාවහන්සේ සමග සැවැත්නුවර ජේතවනාරාමය ට වැඩි සේක. එයට පෙර සිංහලද්වීපය ට වැඩි තෙවන ගමනෙහි සමන්තකූට පර්වතයට වැඩ සුමන දෙවුරජුන්ගේ ආරාධනයෙන් කඳුමුදුනෙහි සිරිපා ලකුණු පිහිටුවාලූහ.

    යන්නම්මදාය නදියා පුලිනේච තීරේ

    යං සච්චබද්ධ ගිරිකේ සුමනාච ලග්ගේ

    යංතත්ථ යෝනක පුරේ මුනිනොච පාදං

    තං පාද ලාංඡන මහං සිරසා නමාමි

    ඉහත දැක්වුනු පාලි වන්දනා ගාථායෙහි ‘යෝනක පුර‘ යන්නෙන් අරාබි ජනපදය අර්ථ ගැන්වෙයි. තථාගත සර්වඥයන් වහන්සේ විසින් මහා කරුණායෙන් පිහිටුවා වදාළ සතරවන සිරිපා ලකුණ දැන් ‘මැකා‘ හෙවත් ‘මක්කම‘(Mecca or Makkama) (මහමදික ආක්‍රමණියන්ගෙ ග්‍රහණයට නතුවීමට පෙර මකුලකාරාම බෞද්ධ විහාරය) #$ස්ලිම් මහා දේවස්ථානය තුල ඇති ‘කාබා‘කුටියෙහි ඇතැයි පැවසෙයි.

    සුණාපරන්ත දේශයෙහි සම්බුද්ධ ධර්මය දිවිහිමියෙන් පතුරුවමින් විසූ පුණ්ණ මහරහතන්වහන්සේ සුණාපරන්ත ජනපද නම් වූ සෞදි අරාබි මහා ජනපදයෙහි ම පිරිනිවන් පා වදාළ සේක. බැතිමත්හු සුවඳ දැවයෙන් දර සෑයක් තනා උන්වහන්සේ ගේ සිරුර දවා භෂ්මාවශේෂ නිදන්කොට ස්ථූප කරවා වැඳුම් පිඳුම් කළහ. පුණ්ණ මහරහතන්වහන්සේ ගේ ආදාහනෝත්සවය ට දඹදිවින් ද මහ රහත් භික්ෂූන්වහන්සේ වැඩි බව අට්ඨකථා වාර්තාව පවසයි. මේ කරුණු ගෙන විමසා බැලීමේදී මැදපෙරදිග රටවල් සමග දඹදිව ආර්ථික සම්බන්ධය පමණක් නොව ආගමික හා සංස්කෘතික සම්බන්ධය ද හරසරව පැවති බව පෙනී යයි.

    අප විසින් ඉතා සැකෙවින් ඉදිරිපත් කළ මේ පුවත තවදුරටත් ඉතිහාසඥයන්ගේත්, පුරාවිද්‍යාඥයන්ගේත් සියුම් පිරික්සුමට ලක්වේවායි පතමු.

    සටහන උපුටාගැනීම 2016
    පලවු කොළඹ පධානඝර මහා විහාරාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, භාෂාන්තර විශාරද ශ්‍රී වජිරඥාණ, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යය, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පරවාහැර පඤ්ඤානන්දාභිදාන මාහිමියන්ගේ ලිපියක් ඇසුරිනි

    Umanga

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version