පවුල් ආරවුලක් මත සැමියා විසින් 42 හැවිරිදි තම බිරිඳගේ පාදය වෙන් වෙන සේ කපා වෙන් කළ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස බිරිඳගේ පාදය වෙන් වන සේ කපා දැමීමෙන් අනතුරුව ඇයගේ වෙන් වූ පාදයේ කොටසත් සමඟ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරනු ලැබුව ද ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීම ප්‍රමාද වීමෙන් කකුල බද්ධ කළ නොහැකි බව සඳහන් කර තිබේ.
ඇය මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.














































