වයස අවුරුදු 12ක පමණ සාමනේර හිමි නමක් මොරගල්ල මුහුදේ දියනෑමට ගොස් සිටියදී රළපහරට හසුව ගසාගෙන යමින් තිබියදී ජීවිත ආරක්ෂක කණ්ඩායමේ නිලධාරීන් පිරිසක් වහා ක්‍රියාත්මකවී සාමණේර හිමිනම බේරාගෙන ඇති බව වාර්තාවේ.
මෙම සාමනේර හිමි නම මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන අතර, තවත් සාමණේර හිමිවරුන් කිහිපදෙනෙකු සමග මොරගල්ල මෝය ආසන්න මුහුදු වෙරළේ දියනාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පාතිබේ.














































