අදට (2)යෙදී ඇති ඔට්සම් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ දිනය වෙනුවෙන් නෙළුම් කුළුණේ වර්ණය නිල් පැහැ ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවට වාර්තා වේ.
මෙවර ඔට්සම් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ තේමාව වන්නේ පිළිගැනීම ,තේරුම් ගැනීම සහ ආදරය කිරීම යන්නයි.
ඒ අනුව රාත්‍රී 7 සිට 8 දක්වා පැයක කාලසීමාවක් නෙළුම් කුළුණ නිල් පැහැයෙන් ආලෝකවත් කිරීමට නියමිතය.
දකුණු ආසියාවේ රටවල ඔට්සම් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ සහ හදුනාගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක අතර, එය මෙහෙයවනු ලබන්නේ ජාතික සෞඛ්‍ය සත්කාර පර්යේෂණ ආයතනය සහ මැන්වෙස්ටර්හි පිහිටුවා ඇති ඔට්සම් වැඩසටහන හා ඒකාබද්ධවයි.














































