අනියම් බිරිඳ රට රැකියාවක් සදහා විදෙස්ගත වූ සිත් තැවුලට ගෙළ වැළලාගෙන පුද්ගලයකු සිය දිවි හානි කරගෙන තිබෙන බවට වාර්තා වේ.
මෙම පුද්ගලයා අනියම් බිරිඳ සමග වසර 20කට අධික කාලයක් සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර මොහු 64 වියේ පසු වූ මාලඹේ කහන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
මොහුගේ දේහය භාරගැනීමට නීත්‍යානුකූල බිරිඳ ඉදිරිපත් නොවීම හේතුවෙන් අනියම් බිරිඳගේ දියණියට මෙම මෘත දේහය භාර ගැනීමට සිදු විය.
ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය පරීක්ෂණ සැළකිල්ලට ගෙන මෙය සිය දිවි නසාගැනීමක් බවට මරණ පරීක්ෂණයේදි තහවුරු කරගන්නා ලදි.














































