හොරණ, අඟුරුවාතොට ප්‍රදේශයේ 24 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ මාස 11ක සිඟිති දියණියගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (22) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
වරකාගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ඔහුව අත්අඩංගුවට ගත් බවට පොලිසිය වාර්තා කර තිබේ.
සැකකරු මීට පෙර අත්අඩංගුවට ගත් අතර, ඒ මියගිය කාන්තාවගේ හා දියණියගේ මළසිරුරු හමුවීමට පෙරයි.
පසුව සැකකරු පොලිසිය විසින් මුදාහැරුණු අතර, මළසිරුරු හමුවීමෙන් පසු හා සීසීටීවී දර්ශනවලින් පසු පොලිසිය නැවත සැකකරු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව සැකකරු නැවත අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.














































